Sunday, January 13, 2013

විද්‍යුත් තැපැල් පණිවුඩ කියවීමෙන් මුදල් ඉපයීම

අනුග්‍රාහක විද්‍යුත් තැපැල් පණිවුඩ (sponsored E-mail) කියවීමෙන් මුදල් ඉපයීම
         සමහර අන්තර්ජාල සමාගම් අනුග්‍රාහක දැන්වීම් ලබාගැනීම හා කියවීම වෙනුවෙන් ඔවුන්ගේ විද්‍යුත් තැපැල් පණිවුඩ හරහා භාවිතා කරන්නන්නට මුදල් ගෙවයි.
මුදල් ගෙවන E-mail යනු මොනවද?
                කියවන ලද E-mail සඳහා මුදල් ගෙවන වැඩසටහන් මගින් ඔවුන්ගේ සාමාජිකයින්ට මුදල් ඉපයීමට අවස්ථාව සලසා දෙයි.  මෙම දැන්වීම්වල අන්තර්ගත වන්නේ වාණිජ්‍යයට දිශානත වූ තොරතුරු හා විවිධ නිෂ්පාදන හා සේවා පිලිබඳ දැන්වීම්ය.
                භාවිතා කරන්නා කළ යුතු වන්නේ ඒවා කියවීම සහ අනතුරුව පිළිතුර දීම,ස්ථිර කිරීමේ (confirmation) link මත click  කිරීම, වෙබ් අඩවියක සැරිසැරීම හෝ කෙටි ප්‍රතිපෝෂණ ආකෘති(Short Feedback Form) පුරවා දැමීමයි.
එය ක්රියා කරන්නේ කෙසේද?
             "කියවීමට ගෙවීම" (paid to read) සේවාවන් මගින් දැන්වීම්කරුවන් සහ තමන්ගේ පෞද්ගලික පරිඝනක භාවිතයෙන් අතිරේක ආදායමක් උපයා ගැනීමට අවශ්‍ය අන්තර්ජාල භාවිතා කරන්නන් සම්බන්ධ කරයි.තමන්ගේ වෙළඳ පණිවුඩ සඳහා ඉක්මන් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට දැන්වීම්කරුවන් කැමැත්තක් දක්වනවා. ප්‍රසිද්ධ කරවීම් සහ කියවීම් කාලය වෙනුවෙන් භාවිතා කරන්නන්ට ප්‍රතිඵල හා ත්‍යාග ලැබෙනවා.
මූල්‍යමය තෑගි වෙනුවෙන් සෙවුම්කරුවන් spam කිරීමට ලක්වීමට කැමති වන අවස්ථාවලදී, මූලිකවම මෙම පද්ධතිය අඩු හෝ වැඩි වශයෙන් අනුමැතිය පාදක කරගත් spam කිරීම් (“permission-based spam” )ලෙස ක්‍රියා කරයි. මක්නිසාද යත් දැනට ඇති පෞද්ගලික Inbox එක වෙනුවට සියලු අනවශ්‍ය පණිවුඩ යන Gmail, hotmail, Yahoo වැනි මුදල් ගෙවීමට අවශ්‍ය නැති අන්තර්ජාල සේවාවක් මගින් නවතම mailbox එකක් විවෘත කිරීම නුවණට හුරු නිසයි.
දිනකදී කොපමණ E-mail ප්රමාණයක් ඒවිද?
සරල පිළිතුරක් නැත.
එය සමාගමෙන් සමාගමට වෙනස් වන අතර ඔබේ user profile එකෙහි අන්තර්ගත කරන පෞද්ගලික තේරීම් මත එය රඳවා පවතී.
ඇත්තෙන්ම කොපමණ ඉපයිය හැකිද?
එය විවිධ හේතුන් මත රඳා පවතී.
ඔබ සම්බන්ධ වන කියවන ලද E-mail වලට ගෙවන වෙබ් අඩවි වැඩි වන තරමට (ඔබ sign-up වන සේවාවන් වැඩිවන තරමට) වැඩි මුදලක් ඔබට ඉපයිය හැකියි.
දැන්වීම්කරුවන්ගේ අනුග්‍රාහක E-mail කියවමින් ඔබ ඔබේ පෞද්ගලික පරිඝනකයේ ගත කරන කාලය.
සෑම E-mail එකක් සඳහාම දන්වීම්කරුවා විසින් ඔබට කොපමණ මුදල් ප්‍රමාණයක් ගෙවනවාද යන්න.
ඔබ භාවිතා කරන සේවාවට යහළුවන් කීදෙනෙක් අදාළ වෙනවාද යන්න. ඔබට බොහෝ දෙනෙක් අදාළ කරගත හැකි නම් නිසැකවම ඔබේ ඉපයීම් මට්ටම වැඩි දියුණු කරගත හැකියි.
සාමාන්‍යයෙන් ඔබ කියවන සෑම E-mail එකකටම ඩොලර් 0.01-0.05 ක් පමණ ඔබට ලැබෙන නමුත් සමහරු ඊට වැඩියෙන් ගෙවනවා. භාවිතා කරන්නන්ගෙන් 95%ක් මාසයකට ඩොලර් 75-150 කට වඩා උපයන්නේ නෑ. (මහන්සි වී වැඩ කරන) ඉතිරි 5% දෙනා වැඩියෙන් උපයනවා.
                                                මෙම ක්‍රමය පාවිච්චි කරන පුද්ගලයන්ගෙන් 95% ක් පමණ එසේ කරන්නේ නෑ.මුදල් ගෙවන E-mail වැඩසටහනකට සහභාගී වීමෙන් අතිරේක මුදලක් උපයා ගැනීමට හැකි වුවත් එය පූර්ණ කාලීන ආදායමකට සමාන කළ නොහැකියි.
කොහොමද මුදල් ලබාගන්නේ?
        සාමාන්‍යයෙන්,චෙක් පතක් හෝ paypal එකක් හරහා ඔබට ගෙවීම් කරනවා.
වියදම් වෙනවාද?
            නැහැ, කිසිවකට ගෙවීමට සිදු වන්නේ නෑ.
කියවන ලද E-mail වලට මුදල් ගෙවන වෙබ් අඩවිවලට උදාහරණ:-
          ඔබට ආරම්භ කළ හැකි (paid to read) සමාගම් කිහිපයකට උදාහරණ පහත දැක්වේ.ඒවා පරීක්ෂා කිරීමටත්,එය ඔබට ප්‍රයෝජනවත් වන ආකාරය සොයා බැලීමටත් ඔවුන් ඔබට බලය දෙනවා.
සියලු පිරිනැමීම් 100% ක් නොමිලේ.
http://www.sendearnings.com/
http://www.cash4offers.com/
http://www.sunshinerewards.com/

අන්තර්ජාල බැංකූ ගිණුම්

   අන්තර්ජාලය  කියන්නෙත් විශාල වෙළද පොළක්නෙ . ඉතින් අපට යමක් විකුණන්න , මිළදි ගැනීමට වගේම  රුකියාවක්  කල පසු  එහි  මුදල් ගෙන්වා ගැනීමටත්  බැංකු ගිණුමක්  තිබිය යුතු වෙනවා .
        අපි බොහෝ දෙනෙක්  බලාපොරොත්තු වෙන්නේ යම් වැඩක් කලපසු  ඊට  අදාල මුදල ගෙන්වා  ගැනීමටනෙ . එක් එක්  ආයතන වලින් අපට මුදල් ගෙවන ක‍්‍රම වේදයේ යම් යම් වෙනස් කම් තියෙනවා.
          උදාහරණයක් විදියට  ගුගුල් ඇඞ්සන්ස්, ඇඞ්බ‍්‍රයිට් වගේ  ඒවායින්  ඔවුන් අපට මුදල් එවන්නෙ චෙක්පත් මාර්ගයෙන්,  එම චෙක්පත් ලංකාවෙ  අපේ නමට ගිණුමක් තියෙන බැංකූ ගිණුමකින්  මාරු  කරගන්න පුලුවන්.
     ඒත් සමහර ජාත්යන්තර ආයතන වලින් මුදල්  ලබාදෙන්නේ අන්තර්ජාල බැංකූ ගිණුම්  හරහා පමණයි .  Paypal  ,   Payza (Alert pay) ,   Money booker    කියන්නෙ අන්තර්ජාලයේ ප‍්‍රසිද්ධම බැංකු 03 ක්.
     බොහෝ ආයතන කරන්නේ  තම ආයතනයෙන් යමෙකුට  ගෙවිය යුතු  මුදල්  ඔහුගේ  නමට  ඇති මෙවැනි අන්තර්ජාල බැංකු ගිණුමකට යොමු කිරිමයි. මෙය ඉතාම ආරක්ෂිත ක‍්‍රමයක්..
     එනිසා  දැන් බොහෝ දෙනෙක්  කරන්නේ තම  ක්‍රෙඩිට් ඩෙබිට්, වීසා, හෝ මාස්ටර් කාඩ් එකෙන් මුදල් කෙලින්ම ගෙවීම  වෙනුවට මෙම   අන්තර්ජාල බැංකුවකට සම්බන්ධ කොට  ඒ හරහා ගෙවීමයි . ඔබටත්  අන්තර්ජාලයේදී  යමෙකුට හෝ ආයතනයකට මුදල් ගෙවීමේදී කෙලින්ම ක්‍රෙඩිට්, ඩෙබිට්, වීසා, හෝ මාස්ටර් කාඩි පතකින් නොගෙවා එය   Money booker,  Paypal  , Payza (Alert Pay)  වැනි ගිණුමකට ලින්ක් කොට ඒ හරහා ගෙවීමෙන් වංචනිකයින්ගෙන් බේරිමට හැකිවෙයි.
    HNB හෝ කොමර්ශල් බැන්කුවේ සාමාන්‍ය ගිණුම් වලට දෙන වීසා ඩෙබිට් කාඩ් මෙම අන්තර්ජාල බැංකු ගිණුම් වලට සම්බන්ධ කරන්න පුලුවන්. සම්පත් බැංකුවේ වෙබි කාඩ් එකත් සම්බන්ධ කරන්න පුලුවන්. HSBC වැනි ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධ කරන්නත් පුලුවන්.
     Money booker එකෙන් නම් දවස් දෙකෙන් තමන්ගේ ලංකාවේ බැංකු ගිණුමමුදල් ගෙන්න ගන්න පුලුවන්. ඇත්තටම  මෙය තමයි ලංකාවට මුදල් ගෙන්න ගන්න තියෙන පහසුම ක්‍රමය.
   Pay Pal වලින් තවම මුදල් ලංකාවට ගෙන්න ගන්න  බැ කියලා කවුරුත්  දන්නවනෙ.  ඒත් අපිට  Pay Pal වලින්  සල්ලි ගෙවන්න නම් පුලුවන්. සම්පත් බැංකුවේ වෙබි කාඩි එකක් අර ගෙන එකට  ලින්ක්  කලාට  පස්සෙ ඒ හරහා  ඔබට අවශ්‍ය  අයට  මුදල්  ගෙවන්න පූලුවන්. Pay Pal වලින් මුදල් ලංකාවට ගෙන්න ගන්න ක්‍රමයකුත් තියෙනව,  ඒක ඔබට දක්ෂිණ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයෙන්යේ සමාජිකත්වය ලබාගත්තම දැනගන්න පුලුවන්.
  Alert Pay(payza) එකෙන්  නම්  ලංකාවට මුදල් ගෙන්ව ගන්න පුලුවන්. වීසා ඩෙබිට් කාඩ් එකක් Alert Pay  ගිණුමට  ලින්ක්  කිරීමෙන් එය කරන්න පුලුවන්.
      PTC  වෙබි අඩවි බොහෝමයක්ම වාගේ  ඔබට  ගෙවිය යුතු මුදල් ඇලට් පේ හරහා ලබා දෙන බැවින් Alert Pay (Payza)  ගිණුමක්  තබා ගැනිම ඉතාම වට්නව.  


Alert Pay  ලියාපදිංචි වීමට - අපහසුනම් මෙතන බලන්න


Paypal ලියාපදිංචි වීමට   - අපහසුනම් මෙතන බලන්න
Sign up for PayPal and start accepting credit card payments instantly. 

  Money booker  ලියාපදිංචි වීමට - අපහසුනම් මෙතන බලන්න
mone.jpg
           ඉතින් මේ අන්තර්ජාල බැංකු ගිණුම් සම්බන්ධව  ඉදිරියේදි තවත් කතා කරමු,    මුලින්ම මුදල් ලැබෙන මාර්ග ගැන උනන්දු  වන්න.


ඉන්ටර්නෙට් එකෙන් ඔබට අවශ්‍ය භාණ්ඩ  ආදිය  ආරක්ෂිතව ගෙන්වා  ගන්න හැටිත් ඉදිරියේදි පැහැදිලි කරන්නම්. ඊට කලින් ඉන්ටර්නෙට් බැංකූ ගිණුම් හදාගෙන  ඒවාට සල්ලි ගෙන්වා ගන්න උත්සාහ   ගනිමු.

දැන්වීම් නැරඹීමෙන් මුදල් 2

                           සියලු දෙනාටම සුබ දක් වේවා කියල මුලින්ම කියනව.  මේ දවස්වල විශේෂ වැඩසටහන් කිහිපයකටම යොමු වෙලයි ඉන්නෙ. එනිසා කොමෙන්ට් වලට පිළිතුරු ලියන්න වෙන්නෙත් නැහැ. ඒ වුනාට ඔයාල දිගටම තම තමන්ගෙ අදහස් හුවමාරු කරගෙන හොඳින් වැඩ කරගෙන යන්න.ඉන්ටර්නෙට් එකෙන් මුදල් හොයන අයට වැදගත්ම දෙයක් තමයි ඒ සම්බන්ධ අදහස් හුවමාරු කරගැනීම සහ බ්ලොග්, ෆෝරම් වැනි දේ කියවීම.     ඉතින් අද මම ඔයාලට දැන්වීම් නැරබීමෙන්, ඊමේල් කියවීමෙන් හා ෆෝම් පිරවීමෙන් වැනි දේ තුලින් මුදල් උපයන්න පුලුවන් තවත් පහසු වෙබ් අඩවි කිහිපයක්ම හඳුන්වල දෙන්න හිතුව. මීට කලින් හඳුන්වල දුන්න වෙබ් වලින් ඔබ දැනටමත්  මුදල් උපයන්න ඇති කියල මම හිතනව. එහෙනම් මෙම වෙබ් අඩවිවලත් ලියාපදින්චි වෙලා වැඩ කරල සල්ලි හොයාගන්න.


***********************************************************************************


     ඔබට මෙම PTC ගනයේ සයිට් වල referrals  හරහා ලැබෙන ලින්ක් වලින් තවත් අය ලියාපදින්චි කරවීම තුලින් වැඩි මුදලක් ගන්න පුලුවන් බවත් අමතක කරන්න එපා. ඒ වගේම මෙම PTC ගනයේ සමහර වෙබ් අඩවි වලින් සමහර කාල වලදී මුදල් නොගෙවීමට ඉඩ තියෙන්නත් පුලුවන් බැවින් අපට පස්සෙ දොස් කියන්නත් එපා. කොහොම වුනත් මෙවැනි PTC ගනයේ වෙබ් අඩවි වලින් මුදල් ඉපයීම අන්තර්ජාලයේ සරලම මුදල් උපයන ක්‍රම ලෙස හඳුන්වන්න පුලුවන්. සමහරු නම් මේවට කියන්නෙ අන්තර්ජාලයෙන් සිඟමන් යැදීම කියලයි.
                                

දැන්වීම් නැරඹීමෙන් මුදල් 1

අපි කවුරුත් අහල තියෙන දෙයක්  තමයිනෙ වෙබ් අඩවි වල දැන්වීම් නැරඹීමෙන් මුදල් හොයන්න පලූවන් කියන එක .  ඒවාට කියන්නේ Paid To Click (PTC) වෙබ් අඩවි කියල. මෙම ගනයේ වෙබ් අඩවි  ඕන තරම් තියෙනව.
    එම වෙබ් වල  අප ලියාපදිංචි වුනහම ඔවුන්  අපට  දිනපතා දැන්වීම් කිහිපයක්  නැරඹීමට අවස්ථාව  උදාකරලා දෙනවා .  ඒවා තත්පර 20ක්, 30ක් හෝ විනාඩි 1ක් පමණ නැරඹීය යුතු වෙනව. ඉතින් අපි එය බැලුව වෙනුවට යම්කිසි  මුදලක් අප ගිණුමට ඔවුන් එකතු කරනව.
  එම මුදල එතරම් ලොකු ගාණක් නොවෙන්න පුලුවන්.  ඒත් එය මාසයක් විතර
කරගෙන  යනකොට තරමක් දුරට හොඳ මුදලක් වෙනව.  මෙම PTC ගනයේ වෙබි  අඩවි කිහිපයකින්ම  මෙලෙසින්  සල්ලි  එකතු  වෙනකොට නම් තත්වය තවත් හොදයි. ඔයාල මේ සරල දේවල් කලොත් තමයි වැඩිපුර මුදල් උපයන වැඩ කරන්නට පෙර හුරුවක් වෙන්නෙ. එනිසා කම්මැලි නැතිව උත්සාහයෙන් වැඩ කරන්න.
   හැබයි මේ ආකාරයේ  හැම PTC වෙබි  අඩවියකින්මත් අපට මුදල් ගෙවන්නෙත් නෑ. ඉතින් ඔබ ptc site වලින් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවනම් තියෙන හැම ptc site එකකම register වෙන්න යන්නත් එපා. මෙකද ඒකෙන් වෙන්නේ අපගේ කාලය කා දැමිම විතරයි. බෙහොමයක් වාගේ අපගෙන් වැඩේ කරගෙන අපට මුදල්  නොගෙවන චංචනික ඒවා.  සමහරකින් ලංකාවට මුදල් ගෙවන්නෙත් නෑ.  කලින් මුදල් ගෙවූ  BUX.to ,ONBUX හා Rich PTC  වගේ වෙබි  අඩවිවලින් දැන් මුදල් ගෙවන්නෙත්  නෑ .   ඉතින් මුදල් හරියටම ගෙවන  සයිට් තියෙන්නේ ඉතාම සුලු ප‍්‍රමාණයක් තමයි. එවැනි මුදල් ගෙවන  හොද වෙබි අඩවි කිහිපයක් අප මෙහිදි ඔබට ලබා දෙනව. අපගේ අන්තර්ජාල රැකියා පුහුණු CD/DVD ලබාගත්තම තව ගොඩක් මේවගේ සයිට් ඔයාලට ලැබෙනව.
       මෙම PTC වෙබ් අඩවි වලින් එකතුවෙන  මුදල් ලබාගැනීමට  Alert Pay (payza)  බැංකු ගිණුමක් තිබිය යුතුයි. Alert Pay (payza) ගිණුමෙන් මුදල් ලබාගන්නා අයුරු ඉදිරියේදි පැහැදිලි කරන්නම්. දැනට ඔබට ගිණුමක් නොමැතිනම්  මෙතනින් ගොස් පහසුවෙන් ගිණුමක්  හදාගන්න.  අන්තර්ජාල බැංකූ ගිණුම් පිළිබඳව අවබෝදයක් ලබාගන්න.
ඔබට Alert Pay (payza) එක්  ගිණුමක්  පමණක් තබා ගන්න.

   එක්  පරිගණකයකින් සාදාගත හැක්කේ එක් පුද්ගලයකුට  එක්  වර්ගයක එක්  PTC ගිණුමක් වුවත් වෙනත් වර්ගවල PTC ගිණුම් ඕන තරම් ඔහුට එම  පරිගණකයෙන්  සාදා ගත හැකියි.
 උදාහරණයක් ලෙස ඔබට පමණක්  ඔබේ  පරිගණකයෙන් Clicksia, incentria හා Neo Bux  යන ගිණූම් 3 ම සාදාගෙන වැඩ කොට මුදල් ලබාගත හැකියි.

 එහෙනම්  මෙන්න   PTC වෙබි අඩවි  කිහිපයක්ම.    ලියාපදිංචි වෙලාම බලන්න කොහොමද කියල.

 ************************************************************************



************************************************************************

************************************************************************

      සෑම Bux ගිණුමකටම හා ඇලට්පේ ගිණුමක් සදහා  එක් ඊ මේල් ලිපිනයක් පමණක්  තබාගැනීමෙන් කරදර බොහෝ සෙයින් අඩු කර ගත හැකියි. 
      ඉතින් දැනට ඔය ඇතිනේ.  ඉදිරියේ දී ඔබට තවත් වැදගත් බොහෝ දේවල්   කියාදෙන බැවින් ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න.  මුලින්ම  මේ පොඩි වැඩ ටික හරියට කරලා බලන්නකෝ.

දැන්වීම් නැරඹීමෙන් මුදල් 2
--------------------------------------------------------------------------------------------------------------------------------------
ඔබ මෙහි  පහළ ලියන ඔබේ අවංක අදහස්  හා ප‍්‍රතිචාර  අප අගය කොට  සලකන අතරම  තවත් කෙනෙකූට  වැදගත් වන දෙයක් ලිවීමෙන්  ඔබද මේ ලෝකයට හිතවත් පුද්ගලයෙක්ම  වෙයි.

ඩේටා එන්ටි‍්‍ර රැකියා සහ නොමිලේ ඩෙබිට් කාඩ්

    මේක නම් දැන්විම් ක්ලික් කරනවා වගේ ලේසින් කරන්න පුලූවන් දෙයක් නොවෙයි. හොද අවබොධයක් ඇතිව කල යුත්තක්. එනිසා ඉංග‍්‍රිසි ගැන හොද අවබෝධයකුත් පරිගණක ක්‍ෂෙත‍්‍රයේ විශේෂ හැකියවක් හෝ හැකියාවන් කිහිපයක් තිබිමත් ඔබට අත්‍යාවශ්‍ය වෙනවා.
      එනිසා මේක කරන්න පුලූවන් අය විතරක් කරන්න. ඩේටා එන්ටි‍්‍ර රැකියා විකුණන අයගේ මුලා කිරිම් වලට හසු වෙලා අමාරුවේ වැටෙන්නත් එපා. ඇත්තටම මෙය හදුන්වා දෙන්නෙත් අපේ රටේ ලමයි බොහෝ දෙනෙක් මේ ගැන නොදැන අමාරුවේ වැටෙන නිසයි.
  ඔබට දක්ෂතාවය තිබෙනවනම් නොමිලේම ඩේටා එන්ටි‍්‍ර රැකියා කරන්න පුලූවන්. ලියාපදිංචි විම් වලට මුදල් ගෙවන්න අවශ්‍ය නැති, ලොකයේ හොදම රැකියා සපයන ආයතන කිහිපයක් අප මෙහිදි ඔබට හදුන්ව දෙනවා.
  ODESK,   ELANCE  කියන්නේ ඒ අතර ප‍්‍රධානම අයතන දෙකක්. මෙම ආයතන වල නිසියාකරව ලියාපදිංචි වෙලා වැඩ කලාට පස්සේ හොද මුදලකුත් ගන්න පුලූවන්.

     ලියාපදිංචි විමේදි ඔබ මෙම රැකියා කිරිමට සුදුසුදැයි බැලිමට ඔවුන් Online පරික්ෂනයකුත් තියෙනවා. එහිදි ඔබ එම විභාගයෙන් සමත් විය යුතුයි. ඉන් පසුව ඔබ රැකියා කිරිමට සුදුසු කම් ලබනවා. සමහරු කියන්නේ අපි මේ විභාගේ පාස් කරලා දෙනවා අපට සල්ලි දෙන්න කියලයි. කවුරු විභාගේ පාස් කරලා දුන්නත් වැඩ කල යුත්තේ ඔබනේ.
     ලංකාවේ එහෙම නුසුදුස්සෝ රැකියා කරාට පිටරට අයත් එක්ක ඒ සෙල්ලම් බෑ. ඒ නිසා ඒ මෝඩ වැඩ කරන්න යන්න එපා. එහෙම කරලා ඔබ Black List උනාට පස්සේ ආයෙත් ඔබට ඔවුන්ගෙන් කවදාවත් වැඩ ගන්නත් බෑ.

    මෙම ODESK වැනි ආයතන කරන්නේ රැකියා එජන්සියක් පවත්වාගෙන යෑම වගේ වැඩක්. තමන්ට වැඩ කරවා ගැනිමට අවශ්‍ය පිරිසක් එක් පැත්තකින් මෙහි සිටිනවා වගේම රැකියා කිරිමට හැකි ඔබ වගේ පිරිසක් තවත් පැත්තකින් ඉන්නවා. ඉතින්, මට මේ වැඩය කරගන්න අවශ්‍යයි  කියු විට එය කර දීමට ඔබ මෙන්ම තවත් අය ඉදිරිපත් වෙනවා. එහිදි සුදුසු එක් අයකුට හෝ කිහිප දෙනකුට එම වැඩ කොටස එහි අයිතිකරු විසින් බාර දෙනවා.
    තවත් එකක්, අපි වැඩක් බාර ගත්තම කලට, වේලාවට, හොදට ඒ වැඩේ කරලා දෙන්නත් ඔනේ. එහෙම නැති උනොත් ඔබට ආයෙත් කවුරුවත් වැඩ දෙන්නේ නෑ. ODESK වැනි ආයතන සොෆ්ට්වෙයාර් හරහා, අප නියමිත පරිදි වැඩ කොටස කරනවාද බැලිම සදහා, අපගේ පරිගණකයේ වර්ථාවක් ඔවුන් වෙත සෑම පැය කාලකට වරක්ම යැවෙනවා. එනිසා කාටවත් බොරු කරන්න බෑ. අපි පැය 5ක් වැඩ කරනවා කිවුවොත් එය හරියට කරන්න  ඕන.  හැබැයි අපේ වැඬේ හොදට කලාට පස්සේ හොදට මුදල් ගෙවනවා.
     මුදල් ගැනිම සදහා එම ආයතන හරහා ඔබට ඩෙබිට් කාඞ් එකකුත් නොමිලේම ගන්න පුලූවන්.  එ වුනාට නිකන් දෙනවා කියලා මෙහි වැඩ නොකරන අය මෙම ඩෙබිට් කාඞ් ලබා නොගන්නා ලෙස අප ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද මෙසේ අනව්‍ය ලෙස බොහෝ අය නිකරුනේ ඩෙබිට් කාඞ් ගෙන්වා ගැනිම නිසා ලංකාවට ඉදිරියේදි ඔවුන් මෙම කාඞ් නොදෙන්නත් පුලූවන්.
   අනිත් එක මෙම ඩෙබිට් කාඞ් ගෙන්න ගත්තා කියලා අපට  ඕන  ඕන විදිහට මුදල් හුව මාරු කරන්නත් බෑ. එවායෙන් මුදල් ලබා ගත හැක්කේ, එම අයතනවල වැඩ කිරිමෙන් පසු පමණයි. එනිසා ඔබ සුදුසු තත්වයට ආවට පස්සේ මෙම ඩෙබිට් කාඞ් ගෙන්න ගන්න. ඔබ ඔබට අවංක වෙන්න. ඉතින් මේ සියල්ලම අපි ඉතා සරලව කෙටියෙන්, තේරෙන භාෂාවෙන් ඔබට කිවුවෙත් ඔබේ හා රටේ යහපත වෙනුවෙන් මයි. එහෙනම් තවත් විස්තර ඉදිරියේදි කතා කරමු.
මෙන්න ONLINE රැකියා සපයන හොදම ආයතන දෙකක්. ODESK,   ELANCE 

The On Demand Global Workforce - oDesk

Freelance Jobs


-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
 ඔබ මෙහි  පහළ ලියන ඔබේ අවංක අදහස්  හා ප‍්‍රතිචාර  අප අගය කොට  සලකන අතරම  තවත් කෙනෙකූට  වැදගත් වන දෙයක් ලිවීමෙන්  ඔබද මේ ලෝකයට හිතවත් පුද්ගලයෙක්ම  වෙයි.

ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අයුරු 2

Google Adsense  වෙත ගොස් තමන්ගේ වෙබ් අඩවි ලියාපදිංචි කිරීමෙන්  ඕනෑම වෙබ් අඩවි හිමිකරුවෙක්ට සරලව දැන්වීම් තම වෙබ් අඩවියේ දමා ගැනීම සිදු කර ගත හැකියි.   එය ක‍්‍රියා කරන්නේ කෙසේදැයි අපි දැන් බලමු.
වැඩසටහන හා සම්බන්ධ වීමෙන් පසුව, වෙබ් අඩවියේ HTML ප‍්‍රභව කේතයට (HTML Source Code එකට) යෙදිය යුතු කෙටි කේතයක් ඔබට ලැබෙනව. (එය සරලයි.  එය කළ යුතු ආකාරය ගැන විශේෂ උපදෙස් ඔබට ලබා දෙයි.) මෙම HTML කේතය ඔබේ වෙබ් අඩවියේ දක්නට ලැබෙන වගන්ති හෝ ඊට අනුරූප දැන්වීම් ඇති කරනවා.  මෙම වැඩසටහනේ විශිෂ්ඨත්වය නම් ඔබේ නරඹන්නන්ට දක්නට ලැබෙන බොහොමයක් දැන්වීම් ඔබේ වෙබ් අඩවියේ අන්තර්ගතයට අදාල වීමයි.
Google හි alogorithm ගණිත ක‍්‍රමය මගින් ඔබේ වෙබ් අඩවියට බාර දෙන වෙළඳ දැන්වීම් සමඟ ඔබේ වෙබ් පිටුවේ මාතෘකාව ගළපනු ලබනවා. ඔබේ වෙබ් පිටුව සංගීතය පිළිබඳව සඳහන් වී ඇත්නම්,  නරඹන්නන් බලන්නේ සංගීතයට අදාල දැන්වීම් දෙසයි.  එය වෙබ් අඩවි නිර්මාණය පිළිබඳව සඳහන් වී ඇත්නම් ඔවුන් වෙබ් අඩවි නිර්මාණයට අදාල දැන්වීම් දෙස බලනවා. මෙලෙස වෙබ් අඩවි භාවිතා කරන්නන් ඔබේ වෙබ් අඩවියේ විෂයට අදාල අනුග‍්‍රාහක දැන්වීම් ප‍්‍රදර්ශනය කිරීම  නිසා දැන්වීමෙහි ප‍්‍රයෝජනවත් බව අනුව ඉතා ඉහළ Click කිරීමේ අනුපාතයක් ලබා ගත හැකි වෙනව.
නමුත් ඔබේ වෙබ් අඩවිය Click කිරීම් පිළිබඳ වංචාවකට සම්බන්ධ වේනම් Google සමාගම විසින් ක්‍ෂණික ව ඔබේ ගිණුම කිසිදු කරුණු පැහැදිලි කිරීමකින් තොරව අවසන් කරන්න ඉඩ තියෙනවා.  
Google සමාගම ඔබට නියම කරන ලද කොමිස් අනුපාතිකයක් ලබාදීම සඳහා නීතියෙන් කැප වෙලා නැහැ. ප‍්‍රතිපත්තියක් ලෙස දෙන ලද  ඕනෑම කාලයකදී, ඔවුන්ගේ කැමැත්ත අනුව ඔබේ කොටස අඩු කිරීමටත් ඔවුන්ට හැකියාව තිබෙනවා. ඔබේ දැන්වීම් ආදායම මාසයෙන් මාසයට වෙනස් විය යුතු වෙනවා. ගෙවීම් සිදු කරන්නේ නරඹන්නන් ඔබේ අඩවියෙන් දැන්වීම් බලා එතුලින් දැන්වීම්කරුවන්ගේ වෙබ් අඩවියට පැමිණෙන විටයි.
සැබවින්ම ඔබ දැන්වීම් වලින් මුදල් උපයන්නේ කොහොම දැයි අපි දැන් බලමු.?
නරඹන්නන් ඔබේ වෙබ් අඩවියට පැමිණ Google සමාගමෙන් දෙන ලද දැන්වීම් වලින් එකක් මත Click කරන සෑමවිටකම ඔබට ගෙවීමක් කරනු ලබනවා. මෙහිදී නරඹන්නන්ට යම් දෙයක් මිලට ගැනීමට, ආකෘති පත‍්‍ර පුරවා දැමීමට හෝ සැබෑ හේතුවකට Click කිරීමට පවා අවශ්‍ය නැහැ. වැඩි පිරිසක් ඔබේ දැන්වීම් මත Click කරන තරමට වැඩි මුදලක් ඔබට උපයා ගත හැකියි.
දැන්වීම් චක‍්‍රය ක‍්‍රියා කරන අයුරු දැන් බලමු.
*     දැන්වීම්කරු Google වෙතින් Campaign මිලදී ගන්නවා.
*    Google සෙවුම් යන්ත‍්‍ර (Google Search Engine ) හෝ Google හි හවුල්කාර සංයුක්ත වෙබ් අඩවි හරහා ව්‍යාපාර (Campaign) බාර දෙනවා.
*   දැන්වීම්කරු සෑම පාරිභෝගික Click එකක් පාසාම ගෙවනවා. ඒ කියන්නේ ඔබ ඔවුන් වෙත එවන එක් එක් නරඹන්නෙක් පාසා ඔවුන් ඔබට ගෙවනවා.
*   පසුව ඔබට Google ජාලයේ සාමාජිකයෙක් ලෙස එම Click කිරීමේ වටිනාකමෙන් සාර්ථක කොටසක් ලැබෙනවා.
ඇත්තෙන්ම මෙහිදී ඔබට කොපමණ ඉපයිය හැකිද?
එය ඔබේ වෙබ් අඩවියේ ගනුදෙනු ප‍්‍රමාණය, ඔබේ CTR අගය (Through Rate- Click කිරීමේ අනුපාතය), ඔබේ වෙබ් අඩවියේ විෂය වැනි කරුණු මත රදා පවතිනවා.
මිලියන ගණනක් වෙබ් අඩවි (සුළු හා මධ්‍ය පරිමාණ ඒවා ඇතුළුව) තමන්ගේ ප‍්‍රාථමික ආදායම් ප‍්‍රභවය ලෙස Adsense වැඩසටහන් භාවිතා කරනවා. එසේම තමන්ගේ වෙබ් අඩවියේ දැන්වීම් ප‍්‍රචාරය කිරීමට බලාපොරොත්තු වන වෙබ් අඩවි හිමිකරුවන්ගේ ජනප‍්‍රිය තේරීම ද එයයි.
කොහොමද මුදල් ලබා ගන්නේ ?
සාමාන්‍යයෙන් මසකට වරක් චෙක් පතකින් ඔබට ගෙවනවා.
Google Adsense වැඩසටහන පිළබඳ සම්පූර්ණ විස්තර ලබාගන්න.
Adsense විකල්ප
*  YPN (Yahoo Publisher Network )- වෙළඳ පොලේ Google සමාගමට සිටින ශක්තිමත් ප‍්‍රතිවාදියෙක්.
*  Adbrite - රකාශකයන්ට දැන්වීම් අවකාශ මිලට ගැනීමට හා විකිණීමට හැකියාව ඇති අන්තර්ජාල දැන්වීම් කඩමණ්ඩියක්
*   Bidvertiser - තවත් PPC(Page Per Click දැන්වීම් සපයන්නෙක්
*   Clicksor - පද සම්බන්ධයක් සහිත දැන්වීම් සඳහා විකල්ප ජාල Atha